Machine Learning (ML) සහ Deep Learning (DL) අතර වෙනස
Machine Learning යනු කුමක්ද?
Machine Learning කියන්නේ යන්ත්‍රයකට, පසුගිය දත්ත භාවිතයෙන් නිවැරදිව තීරණ ගැනීමට හෝ අනාවැකි පවසන ආකාරය "ඉගෙනගන්න" උගන්වන ක්‍රමයකි. මෙහිදී, මිනිසා විසින් සෑදූ ලක්ෂණ (features) යන්ත්‍රයට ලබාදෙයි. එතැනින් යන්ත්‍රය නියමයන් හඳුනාගෙන, නව තොරතුරු වලට ප්‍රතිචාර දක්වයි.
උදාහරණය:- Email එකක් spam ද නැද්ද කියලා තීරණය කිරීම.
Deep Learning යනු කුමක්ද?
Deep Learning යනු Machine Learning එකේ වඩාත් සංකීර්ණ සහ දියුණු පිළිවෙතකි. මෙය Neural Networks නම් ව්‍යුහයක් මත පදනම්වී ඇත.ඒ කියන්නේ මිනිස් මොළය ආකාරයට සැලසුම් කළ සංකීර්ණ algorithm එකක්.
මෙහිදී යන්ත්‍රයම අවශ්‍ය ලක්ෂණ හඳුනා ගනී. මෙය විශාල වශයෙන් දත්ත සහ බලවත් පරිගණක බලශක්තිය අවශ්‍ය කරන
ක්‍රමයකි.
උදාහරණ:- මූහුණු හඳුනාගැනීම (Face recognition).
- Google Translate වැනි භාෂා පරිවර්තකය.
- Self-driving cars (තමා මග පෙන්වාගෙන යන වාහන).
- Siri, Alexa වැනි voice assistants.
මේ ද්විත්වයේ වෙනස නම්,
Machine Learning හිදී අපි යන්ත්‍රයට මඟපෙන්විය යුතුය. මේ දත්තවලින් මේ දේ සෙවිය යුතුයි යන්න..
Deep Learning හිදී එය තමාම ඉගෙන ගත යුතුයි.
කේ.ජී.පී.උමයංගනා ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය

Your work is really impressive ❤️
ReplyDelete❤️❤️
ReplyDelete😍♥️♥️
ReplyDeleteGreat ❤️
ReplyDelete❤️❤️
ReplyDelete