Showing posts with label Technical background on artificial intelligence. Show all posts
Showing posts with label Technical background on artificial intelligence. Show all posts

Tuesday, 6 May 2025

කෘතීම බුද්ධිය (AI) පිළිබඳ තාක්ෂණික පසුබිම (Technical background on artificial intelligence)










කෘතීම බුද්ධිය යනු, මිනිස් බුද්ධිය හා තීරණ ගැනීම පරීක්ෂාකාරීව අනුකරණය කිරීමට යන්ත්‍රවලට හැකියාව ලබා දෙන මූලික අංග කිහිපයක් මත පදනම් වූ තාක්ෂණයකි. පහත දැක්වෙන්නේ එම ප්‍රධාන තාක්ෂණයන් පිළිබඳ සරල විසතරයකි.


01) Machine Learning

මේකෙන් කියවෙන්නේ පරිගණකයන්ට විශේෂිතව වැඩි දත්ත වලින් ඉගෙනීමේ හැකියාව ලබාදෙන ක්‍රමවේදයකි.

උදාහරණයක්:- ඔබේ පෙර චිත්‍රපට නරඹු ඉතිහාසය අනුව ඔබට ඊටත් වඩා වටිනා චිත්‍රපටයක් නිර්දේශ කිරීම.

 

02) Deep Learning

මෙය  Machine Learning වල උප කාණ්ඩයක් වන අතර, මිනිස් මොලයේ හැඩතලයට සමාන නියූරල් ජාල (Neural Networks) භාවිතයෙන් ක්‍රියා කරයි.

උදාහරණය:- මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් තිබීම.

 

03) Natural Language Processing - NLP

මේක කියන්නේ මොකද්ද?
යන්ත්‍රවලට මිනිස් භාෂාව තේරුම් ගැනීමට සහ ප්‍රතිචාර දක්වීමට උපකාරී තාක්ෂණයකි.

උදාහරණය:- ChatGPT, Google Translate, හෝ Facebook Chatbot.

 

04) Computer Vision

 මෙමඟින් යන්ත්‍රවලට දර්ශනික තොරතුරු හඳුනාගැනීමේ හැකියාව ලබාදෙයි.

05) Data Science & Big Data

 විශාල දත්තවලින් ප්‍රවණතා හඳුනා ගැනීමට සහ AI ක්‍රම ඉගෙනීම සඳහා භාවිතා කරයි.

උදාහරණය:- ගනුදෙනුකරුවන්ගේ හැසිරීම විශ්ලේෂණය කිරීම.

 

06) Robotics

 AI තාක්ෂණය භාවිතයෙන් ශාරීරික යන්ත්‍රවල ස්වයංක්‍රීය ක්‍රියා කිරීමට හැකියාව ලබාදීම.

උදාහරණය:- කාර්මික රොබෝ, නිවසේ සේවක රොබෝ, වෛද්‍ය රොබෝ ආදී.

 

07) Cloud Computing

විශාල AI ආදර්ශ පුහුණු කිරීමට අවශ්‍ය ගණිත බලය හා ගබඩා හැකියාව සපයයි.

උදාහරණය:- Google Voice Search හෝ Amazon Alexa වැනි සේවාවන්.

 

08) Edge Computing & Internet of Things

AI යෙදුම් උපාංගය තුළම ක්‍රියාත්මක කිරීම (වලාකුළු පද්ධතියක් අවශ්‍ය නැතුව).

උදාහරණය:- ස්මාර්ට් වාහන, ගෙදර ස්මාර්ට් උපාංග.

 

කෘතීම බුද්ධිය පිළිබද නෛතික හා සමාජීය පැතිකඩ(Ethical and social aspects)

  කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නෛතික හා සමාජීය පැතිකඩ අදායම් (Pros)  කාර්යක්ෂමතාවය - වැඩ automate කිරීමෙන් වේලාව සහ අඩු වේ.   නවෝත්පාදනය - සෞඛ්‍ය...