Showing posts with label How to. Show all posts
Showing posts with label How to. Show all posts

Thursday, 3 October 2024

කෘතීම බුද්ධිය නොහොත් Artificial Intelligence

 කෘතීම බුද්ධිය නොහොත් Artificial Intelligence



තාක්ෂණයේ පරිණාමය විවිධ අවධීන් හරහා සොයා ගත හැකි අතර සමාජයන් පරිවර්තනය කල පෙරලිකාර නවෝත්පාදනයන් මඟින් සලකුණු කර ඇත. තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන්න කිවහොත් එයට පිලිතුර කුමක් වේද? ඇතැම් විට ඒ පැනය සඳහා සෘජු පිලිතුරක් ලබා දීමට අපහසු වන්නට ඉඩ ඇත. මේ තුලදී අප දැන ගත යුතු කරුණ නම් අපට හිතෙන යමක් පරිගණකයට නිර්මාණය කිරීමට හැකියාව පවතින බවයි.

ගෙවී ගිය 2022 වසරේදී අසන්නට දකින්නට ලැබුණු සිද්ධියක් වන්නේ නම්, Artificial intelligence  නැතිනම් කෘතීම බුද්ධිය ආධාරයෙන් සිදු කරන්නා වූ විවිධාකාරයේ ක්‍රියාකාරකම්ය.

කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය

මේ වන විට සමාජ මාධ්‍ය භාවිත කරන්නේ නම් AI භාවිතා කරමින් සිදු කරන්නා වූ විවිධාකාරයේ නිර්මාණ දැකගැනීමට හැකි වේ. AI පැමිණියේ මෑත කාලයේදී බව බොහෝ අයගේ මතයයි. නමුත් එහි ඉතිහාසය 1956 තරම් අතීතයට දිවයයි.


මෙහිදී පුරෝගාමී වූ පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඇමරිකානු ජාතික ගණිතඥයකු සහ පරිගණක විද්‍යාඥායකු වූ John McCarthy  වේ.එමෙන්ම ඔහුගේ අදහස වූයේ AI පරිගණක සහ යන්ත්‍ර සඳහා මිනිස් මනස මෙන්ම බුද්ධිමත්ව සිතීමට හැකියාව උදාකරන තාක්ෂණයක් ලෙසයි. මේ කාලයෙන් පසුව විවිධාකාරයේ නිර්මාණයන් මේ හා සම්බන්ධව නිර්මාණය කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරත වූ පර්යේෂකයන් උත්සහ දැරීය.එහි ප්‍රතිඵලයක් වශයෙන්,

✴   1969දී පලමු "පොදු කාර්‍යය ජංගම රොබෝවක්" නිර්මාණය කිරීම සිදුවිය. මෙය "Shakey"
     ලෙස නම් කර ඇත.

✴  1997 වසරේදී නිපදවූ  "Deep blue" නම් IBM සමාගම විසින් නිපදවූ super computer එක
     මඟින් එවකටලොව සිටි chess ක්‍රීඩාවේ ලෝක ශූරයෙකු පරාජය කිරීම මෙම කෘතීම බුද්ධියේ
     වැදගත් කාරණයක් බවට පත්විය.

✴   2002දී ප්‍රථම වාණිජමය Vacuum  cleaner යන්ත්‍රය නිර්මාණය කිරීම සිදුවිය.

ඉහත සඳහන් කල නිදසුන් වලට අමතරව එම කාල පරාසය තුල කෘත්‍රිම බුද්ධියසම්බන්ධයෙන්
විශාල පුනරුදයක් ඇති විය. එමඟින් ඉහල මට්ටමේ දියුණුවක් අත්කර ගැනීමට හැකිවිය. 

Eg : 1. Speech Recognition Technology 
        2. Robotic process Automation (රොබෝ තාක්ෂණය)
        3. Smart homes technology හා ඒ සම්බන්ධ උපාංග ඒ අතර වේ.

ASI හට ඕනෑම බුද්ධිමය කාර්‍යයක් මිනිසෙකුට වඩා හොඳින් නිවැරදිව ඉටු කිරීමට හැකිය. ක්‍රියාකාරීත්වය මත පදනම්ව AI ලෝකය සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය මත පදනම්ව ක්‍රියාකාරී වර්ග තුනකට වර්ග කල හැකිය.

1.ප්‍රතික්‍රියාකාරක යන්ත්‍ර

මෙය AI පද්ධති වලට ප්‍රතිචාර දැක්විය හැක්කේ යෙදවුම් හා තත්වයන්ට පමණි. AI වලට මතකයක් මෙන්ම අතීත අත්දැකීම්වලින් යම්දෙයක් ඉගෙන ගැනීමට හැකියාවක් නැත.

Eg: Deep blue
       IBM විසින් සංවර්ධනය කරන ලද චෙස් ක්‍රීඩා

2.සීමිත මතකය

මෙම Al වර්ගයට එහි තීරණ ගැනීමටත් දැනුම්දීමටත් අතීත අත්දැකීම භාවිත කල හැකිය. අදවන විට බොහෝ Al භාවිත පද්ධති ස්වයං රියදුරු මෝටර්  ආදිය මෙම කාණ්ඩයට ඇතුලත් වේ. උදාහරණ ලෙස රියදුරු තීරණ ගැනීම සඳහා අතීත දත්ත භාවිත කරන ලද ස්වයංක්‍රීය වාහන පෙන්වා දිය හැකිය.

3. මනස පිලිබඳ න්‍යාය

මෙය අනාගතයට අයත් කෘතීම බුද්ධියට අයත් කාණ්ඩයකි. එහිදී යන්ත්‍රවල හැඟීම්, විශ්වාසයන් හා සිතුවිලි තේරුම් ගැනීමට සහ මිනිසුන් මෙන්ම සමාජීය වශයෙන් අන්තර්ක්‍රියා කිරීමට හැකියාව ඇත.


කෘතීම බුද්ධිය යනු යන්ත්‍ර විශේෂයෙන් පරිගණක පද්ධති මඟින් මානව බුද්ධි ක්‍රියාවලීන් අනුකරණය කිරීමයි. මේ තුලදී තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකතවය උපරිම වන පරිදි ක්‍රියාකාරිත්වයන් දැක්වීමේ සමත්කමක් ඇති පද්ධතීන්   සම්බන්ධ අධ්‍යනයන් හා නිර්මාණයන් මෙහිදී සිදු කෙරේ.

කෘත්‍රිම බුද්ධියේ වර්ගීකරණය 

කෘතීම බුද්ධිය (AI) එහි හැකියාවන් සහ ක්‍රියාකාරීත්වය  මත පදනම්ව විවිධ වර්ග වලට වර්ග කල හැකිය.

1.කෘතීම පටු බුද්ධිය ( ANI)

මෙම වර්ගයේ AI නිශ්චිත කාර්‍යයන් සඳහා නිර්මාණය කර ඇත. මෙයට සාමාන්‍ය බුද්ධියක් නොමැත.
               නිදසුන් ලෙස හඬ සහයක, නිර්දේශ පද්ධති, මුහුණ හඳුනාගැනීමේ පද්ධති

2.කෘතීම සාමාන්‍ය බුද්ධිය(AGI)

මෙහිදී AGI යන්නෙන් අදහස් කරන්නේ මිනිසෙකුට මෙන් පුළුල් පරාසයක කාර්‍යයන් සඳහා බුද්ධිය තේරුම් ගැනීමටත් , ඉගෙන ගැනීමටත්  යොදා ගත හැකි යන්ත්‍ර වේ. තනි කාර්‍යයකට සීමා නොවේ. එය ස්වාධීනව සිතීමටත්, තර්ක කිරීමටත්, තීරණ ගැනීමටත් පවතින් න්‍යායික සංකල්පයකි.

3.කෘතීම  අධි බුද්ධිය (ASI)

මෙය නිර්මාණශීලිත්වය , ගැටළු විසදීමට හා තීරණ ගැනීමට ඇතුලු සෑම අතින්ම මානව හැකියාවන් අභිමවා යන බුද්ධි මට්ටමකින් යුක්ත එකකි.

ඉහත සඳහන් කල කාරණා කිහිපයට අමතරව එම කාල පරාසය තුල විශාල ප්‍රමාණයක කෘතීම බුද්ධියේ පුනරුදයන් ඇතිවිඋම සිදුවිය.එසේම එතැන් පටන් මේ දක්වාම ඉතාමත් ඉහල මට්ටමමේ දියුණවක් ලඟා කර ගැනීමට අවස්ථාව උදාවිය. උදාහරණ ලෙස Speech Recognition Technology , Robotic Process Automation ( රොබෝ තාක්ෂණය ), Smart Homes Technology  හා ඒ සම්බන්ධ උපාංග ගත හැකිය.





මේ ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන ආ කෘතීම බුද්ධියේ ඉතිහාසය, කෘතීම බුද්ධිය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද සහ එහි වර්ගීකරණයේ ස්වභාවය පිලිබඳ තොරතුරු පිලිබඳව ඔබගේ අදහස් පල කිරීමට අවස්ථාව ඇත. ඉදිරි ලිපි ඔස්සේ ඔබ වෙත තවත් මෙවැනිම ආකාරයේ AI සම්බන්ධව  තාක්ෂණික කරුණු  සහ එය සමාජයේ අනෙකුත් කාරණාවලදී භාවිතා වන්නේ කෙසේද යන්න කරුණු කාරණා සියල්ලටම ඔබ වෙත ගෙන ඒමට මම සූදානම්. එම නිසා මගේ බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටින්න.


කේ.ජී.පී.උමයංගනා ප්‍රේමරත්න

ජන සන්නිවේදන අධ්‍යන අංශය

කැලණිය විශ්ව විද්‍යාලය




කෘතීම බුද්ධිය පිළිබද නෛතික හා සමාජීය පැතිකඩ(Ethical and social aspects)

  කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නෛතික හා සමාජීය පැතිකඩ අදායම් (Pros)  කාර්යක්ෂමතාවය - වැඩ automate කිරීමෙන් වේලාව සහ අඩු වේ.   නවෝත්පාදනය - සෞඛ්‍ය...