Friday, 2 May 2025

කෘතීම බුද්ධියේ මූල්‍යමය භාවිතය(Financial uses of artificial intelligence)

 

 

 

 

 

 

 

 

කෘතීම බුද්ධිය (Artificial Intelligence - AI) මූල්‍ය ක්ෂේත්‍රයේදී විශාල වශයෙන් භාවිතා කරනු ලබන්නේ කඩිනම් තීරණ ගැනීම, තක්සේරු කිරීම, වංචා අනාවරණය, සහ පාරිභෝගික සේවා වර්ධනය වැනි කාර්යයන් සඳහාය.


AI මූල්‍ය ක්ෂේත්‍රයේ භාවිතා වන ප්‍රධාන ආකාර

1. ස්වයංක්‍රීය වෙළඳාම (Automated Trading)  
 
AI සහ machine learning යොදාගෙන වෙළඳපොළ තත්ත්වයන් විග්‍රහ කර සෙකන්ඩ් කිහිපයකින් තීරණ ගන්නා Algorithmic Trading Systems භාවිතා වේ.

                     උදාහරණය:- Stock market වල මිල වෙනස්වීම් අනුව කොටස් මිලදී ගැනීම හෝ විකිණීම.


2. වංචා අනාවරණය (Fraud Detection) 
AI systems භාවිතයෙන් සැකකළ යුතු ගනුදෙනු හඳුනාගනිමින් බැංකු වංචාවන් වැළැක්වීම සිදුවේ.

                    උදාහරණය:- ඔබගේ බැංකු කාඩ්පතෙන් අසම්මත ගනුදෙනුවක් සිදුවන විට එය වහාම අවහිර කිරීම.


3. අනතුරු තක්සේරු කිරීම (Risk Assessment & Credit Scoring)
Machine Learning මගින් ගෙවීම් ඉතිහාසය, ආදායම් තොරතුරු වැනි දත්ත විශ්ලේෂණය කර ණය ලබා දීමේ තීරණ ගනී.


4. පාරිභෝගික සේවාව (Customer Service)
AI chat bots සහ virtual assistants මගින් පාරිභෝගික සහාය සැපයීම.


5.  මූල්‍ය සැලසුම් කිරීම (Financial Planning & Management) 
AI apps මගින් පරිශීලකයින්ට ආදායම්, වියදම්, ඉතුරුම් කිරීම වැනි දේවල් කළමනාකරණය කිරීමට උපකාරී වේ.
                  උදාහරණය:- Mint, Cleo වැනි AI-powered budgeting apps.
 

Wednesday, 23 April 2025

කෘෂිකර්මයේ කෘතීම බුද්ධිය (AI in Agriculture)

 















මෙයද ඉතා වැදගත් තේමාවකි. කෘෂිකර්මය තුළ කෘතීම බුද්ධිය භාවිතා කරමින් නිෂ්පාදනය, ආරක්‍ෂාව හා කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම ආදී සේවාවන් රැසක් AI මගින් ඉටුවේ.
 
AI  තාක්ෂණය කෘෂිකර්මයට  කුමන ආකාරයේ උදව් ලබා දෙනවාද?  

1. AI  ක්‍රම භාවිතා කර පොහොර දැමීම
2. වගා කළමනාකරණය
3. වගාවලට එන රෝග හඳුනා ගැනීම
4. කාලගුණ අනාවැකි
5. වගා ප්‍රතිලාභ වැඩිදියුණු කිරීම 

                        වැනි බොහෝ ක්ෂේත්‍රවලින් වැදගත් සහයක් ලබා දෙයි.


01. නිරවද්‍ය කෘෂිකර්මය (Precision Farming )

             AI භාවිතයෙන් තනි වැලි වලටවත් ගෙවත්තකටවත් වෙන් වෙන්වම වගා කළමනාකරණය කළ හැකිය.

                             උදාහරණ:- Google Earth + AI maps 
                                               Drone images වලින් වගා තත්වය බැලීම


02. භූමිය හා වගා පාලනය (Crop and Soil Monitoring)

           AI සහ කැමරා භාවිතයෙන් වගාවෙ තත්වය, වියළිභාවය, පොහොර අවශ්‍යතාවය වැනි දේ හඳුනා ගැනීමට හැකිය.

                         උදාහරණ:-Soil moisture sensors
                                          AI-based soil health checkers

03. මළපැදි හා රෝග හඳුනා ගැනීම (Pest and Disease Detection)

         AI systems මඟින් රෝග සහ මළපැදි සෙවීම සඳහා පළතුරු/තැටි/එළවළු වලට කැමරා භාවිතා කරයි.

                        උදාහරණ:- Plant-ix mobile app 
                                          Image recognition systems

 

04. කාලගුණ අනාවැකි (Weather Forecast-in )

       AI භාවිතයෙන් තෘණ වර්ධනයට හොඳ කාලගුණවැස්ස, වියළි කාලය වැනි දේවල් පිළිබඳ අනාවැකි ලබාගත හැකිය.

                     උදාහරණ:- IBM Watson Weather 
                                       Agri-tech apps

05. ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ (Automated Machinery) 

     AI robots සහ smart machinery භාවිතා කර යන්ත්‍රවලින්ම බීජ කැබලි කැපීම, රෝපණය වැනි කටයුතු සිදු කළ හැකිය. 

                  උදාහරණ:- Self-driving tractors 
                                   Drones for spraying pesticides


06.
 අස්වනු අනාවැකි (Yield Prediction)

     AI algorithms භාවිතා කර කොපමණ අස්වැන්නක් ලැබෙයිද යන්න පිළිබඳ පූර්ව අනාවැකි ලබා ගත හැකිය.

               උදාහරණ:- Machine learning models for crop output 
                                 Satellite image analytics


 

වාසි: 

- වියදම් අඩු වේ. 

- වැඩි නිෂ්පාදනය. 

- මනුෂ්‍ය බලශක්තිය අවම කිරීම. 

- නවීන තාක්ෂණයට ගොවියන්ව ගෙනයෑම.


අභියෝග:

- AI උපකරණවල මිල අධික විය හැක. 

- ගොවියන්ට තාක්ෂණික දැනුම අවශ්‍යය වීම.

Tuesday, 22 April 2025

අධ්‍යාපනයේ කෘතීම බුද්ධිය (AI in Education)

 


අධ්‍යාපනය ගැන කැමැත්තක් තියෙන කෙනෙකුට අධ්‍යාපනය හදාරන කෙනෙකුට අධ්‍යාපනයේ කෘතීම බුද්ධිය යන තේමාව අතිශය වැදගත් වේ. AI තාක්ෂණය අධ්‍යාපනය භාවිත වන්නේ කුමන අරමුණු සඳහා ද යන්න් කිවහොත්,

සිසුන්ගේ ඉගෙනීම් කටයුතු වැඩි දියුණු කිරීමට, ගුරුවරුන්ට උපකාර කිරීමට, හැකියාවන් අනුව ඉගැන්වීමට හා පෞද්ගලික ඉගෙනුම් අත්දැකීම් ලබාදීම සඳහාය.                               

AI තාක්ෂණය අධ්‍යාපනයේ  භාවිත වන ප්‍රධාන ක්ෂේත්‍ර


01. පෞද්ගලික ඉගෙනීම (Personalized Learning )

                AI ක්‍රම භාවිත කිරීමෙන් සිසුවෙකුගේ ශක්තිමත් හා දුර්වල කොටස් හදුනාගෙන ඒ අනුව ඉගැන්වීමේ හැකියාව ලැබේ.

                     උදාහරණ:- Khan Academy – Personalized recommendations 

 

02. අන්තර්ජාල ගුරුවරුන් සහ Bot (Virtual Teachers & Chat bots) 

                 AI Chat bot එකක් මගින් සිසුන්ට  ප්‍රශ්න වලට උත්තර ලබාගත හැක.

                     උදාහරණ:- Google’s Socratic app
                                       ChatGPT

03. ස්වයංක්‍රීය ක්‍රියාවලිය (Automation)

              AI භාවිතා කරලා පරීක්ෂණ ලකුණු දැනටමත් ලබා දීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම වැනි දේවල් ස්වයංක්‍රීයව සිදු කළ හැක.

                    උදාහරණ:- Auto-grading systems
                                      MCQ evaluation software 
                                     Turning (Plagiarism checker)

04. භාෂා සහය (Language Translation & Support)   

               AI භාවිතයෙන් විවිධ භාෂාවලින් පාඩම් වැඩකටයුතු සිදු කළ හැකිය. සිසුන්ට තම භාෂාවෙන්ම විෂයයන් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබේ.

                   උදාහරණ:- Google Translate
                                     Microsoft Immersive Reader

05.Virtual Reality (VR) & Augmented Reality (AR) with AI

                  AI සමඟ VR/AR තාක්ෂණය පාවිච්චි කිරීමෙන් අත්දැකීම් ලබා ගත හැකිය.

                  උදාහරණ:- Human body 3D simulation 
                                    Virtual science labs

06.ඉගෙනීමේ අපහසුතා හඳුනා ගැනීම(Identifying Learning Disabilities)

               AI භාවිතයෙන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන් හඳුනාගෙන ඔවුන්ට සුදුසු පාඨමාලා නිර්දේශ කළ හැකි වීම.

                 උදාහරණ:- AI-based dyslexia detectors
                                   Special Ed tools

07. ශිෂ්‍ය ආදාන විශ්ලේෂණය(Student Performance Analysis)

           AI systems මගින් සිසුන්ගේ ඉගෙනුම් දත්ත විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ ප්‍රගතිය මැනීමේ හැකියාවක් ලබා දෙනවා.

                උදාහරණ:- Learning dashboards 
                                  Predictive performance analytics


අධ්‍යාපනයේ AI භාවිතයේ වාසි:

-  ඉගෙනීම ස්වයංපූර්ණ කරයි. 

- පෞද්ගලික අවශ්‍යතාවය අනුව උගන්වයි. 

- ගුරුවරුන්ට කාලය ඉතිරි කරගනිමින් ඉගැන්වීමෙ කටයුතුවලට උදව් කිරීම.

- ලෝකය පුරා අධ්‍යාපන ව්‍යාප්තිය.


අභියෝග සහ සීමා:

 - සිසුන්ගේ දත්ත ආරක්ෂාව. 

- ගුරුවරුන්ගේ භූමිකාව අඩු වීමේ භීතිය. 

- සියළු සිසුන්ට තාක්ෂණික පහසුකම් නොමැති වීම.

Monday, 21 April 2025

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෘතීම බුද්ධිය (AI in Healthcare)

වර්තමානය වන විට මෙය දැනට පවතින ලෝකයේ වඩාත් ආකර්ෂණයට පත් වූ ඉතා වැදගත්ම තාක්ෂණික ක්ෂේත්‍රයකි.






AI මගින් කෙරෙන්නේ පරිගණක මෘදුකාංග යාන්ත්‍ර ආදිය මිනිස් බුද්ධියට සමානව ඉගෙනීම තීරණ ගැනීම පරීක්ෂා කිරීම අනාවැකි කීම. වැනි ක්‍රියාකාරකම් කරන ආකාරයයි. 


ඒ අනුව කෘතිම බුද්ධිය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන අයුරු සාකච්ඡා කර බලමු.

AI සෞඛ්‍යය ක්ෂේත්‍රයේ භාවිතා වන්නේ කෙසේද?

01. රෝග විනිශ්චය (Disease Diagnosis) 

AI භාවිතයෙන් X-ray, CT Scan වැනි වෛද්‍ය පරීක්ෂණවලින් රෝග හඳුනා ගැනීම ඉතා ඉක්මනින් හා නිවැරදිව සිදු කළ හැක.

උදාහරණ:- Google Deep Mind – ඇස් රෝග හඳුනා ගැනීම 
                  Skin cancer හඳුනාගන්න AI apps

02.වෛද්‍ය උපකරණ (Medical Devices & Robots) 

AI robots භාවිතා කරමින් ශල්‍යකර්ම (surgery) සිදු කිරීමත්, රෝගීන්ට සේවාවන් ලබාදීමත් කරයි.

උදාහරණ:- Da Vinci Surgical Robot  


03.වෛද්‍ය තොරතුරු කළමනාකරණය කිරීමට (Data Management) 

AI systems භාවිතා කර රෝගී තොරතුරු, වාර්තා, අතීත වෛද්‍ය ඉතිහාසය කළමනාකරණය කිරීමට හැකිය.

උදාහරණ:- Electronic Health Records (E Hrs) 
                  AI chat bots for patient queries


04.අනාවැකි කිරීම (Predictive Analytics)  

AI භාවිතයෙන් මිනිසෙකුට අනාගතයේ ඇතිවිය හැකි රෝග පිළිබඳව අනාවැකි ලබාදිය හැක.

 උදාහරණ:- Diabetes, heart attack වැනි රෝග වල අවදානම විශ්ලේෂණය  කිරීම.
                   COVID-19 පාලනය සඳහා data-based prediction


05.ඖෂධ සංවර්ධනය (Drug Discovery)

AI භාවිතයෙන් නව ඖෂධ සොයා ගැනීම හා පරීක්ෂා කිරීම වේගවත් කර ගත හැකිය.

උදාහරණ:- Pfizer & IBM Watson – Cancer research  


06.සෞඛ්‍යය උපදෙස් සදහා (Virtual Health Assistants) 

AI voice/chat assistants මගින් රෝගීන්ට උපදෙස් මතක් කිරීම, වෛද්‍ය සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැක.

උදාහරණ:- Babylon Health




 AI සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වාසි (Benefits):

01.වේගවත් සේවාවක් ලබා දීම   

02. නිවැරදි පරීක්ෂණ  සිදු කිරීමට හැකි වීම

03 රෝගීන්ට  උපකාර  කළ හැකි වීම.

04.වෛද්‍යවරුන්ට සහාය  වීමට ඇති හැකියාව

05.වියදම් අඩු වීම                                        

 

AI තාක්ෂණය කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ආරම්භක මට්ටමෙන්ම ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින තාක්ෂණයකි. එය රෝග හඳුනාගැනීම, වෛද්‍ය උපකරණ භාවිතයට, චිකිත්සාව,දත්ත කළමනාකරණය වැනි බොහෝ ක්ෂේත්‍ර වලදී භාවිත වේ.

වර්තමානයේ AI Technology වල භාවිතය

අපි දිනපතාම කෘතීම බුද්ධිය(AI Technology) භාවිත කරනවා කියලා බොහෝ දෙනාට තේරෙන්නේ නෑ. නමුත් ජීවිතයේ සෑම දිනයකම AI නැවත නැවත මුණ ගැසෙන්නෙ පහත ක්ෂේත්‍රවලින්. ඒ මොනවාද ඒවට උදාහරණ මොනවාද යන්න පහතින් දැක්වේ.


AI තාක්ෂණය දිනපතා භාවිතා වන ක්ෂේත්‍ර සහ උදාහරණ


1. ස්මාර්ට් දුරකථන (Smartphones)     

                 දුරකථනයෙහි ඇති assistant apps වැනි ඒවා මත AI පදනම් වේ.
                                                
උදාහරණ:- Google Voice Search 
                                                                   Face Unlock     


 2. සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමේදී  (Social Media)   

                Facebook, Instagram,TikTok වැනි සමාජ ජාල භාවිත කරන විට AI  මගින්  post, video, ad ප්‍රචාරණය කරනු ලැබේ.

                                            උදාහරණ:- TikTok algorithm 
                                                              Fake account detection
           

 3. බැංකු සහ මුදල් කටයුතු (Banking & Finance)   

                වේගවත් සේවාවක් ලබාදීම සඳහා අවම වියදමක් සහිතවAI භාවිතා කරනු ලැබේ.

                                         උදාහරණ:- වංචනික දේවල් හඳුනා ගැනීමට
                                                           Loan eligibility checking  

  4. සුරක්ෂිතතාව (Security) 

                මුහුණ හඳුනා ගැනීම, මුහුණ මත පදනම් වී ඇතුල් වීම ආදිය AI මගින් සිදුවේ.

                                         උදාහරණ:- Face Recognition in mobile phones
                                                           AI cameras 

 5. සන්නිවේදනය සඳහා (Communication) 

               AI භාවිතා වන්නේ භාෂා පරිවර්තනය, Voice to Text සේවාවලදී ආදී වශයෙන්.

                                       උදාහරණ:- Google Translate 
                                                         Gmail – Spam filtering
                                                         Voice typing

 6. වෙළඳ හා වෙළෙඳපොළ භාවිතය  (E-commerce) 

            online shopping සදහා AI බොහෝ අවස්ථාවලදී අවශ්‍ය වේ.(Amazon, Daraz වැනි) AI මගින් තමන්ට ගැලපෙන පරිදි නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.

                                      උදාහරණ:- Chat bot customer support
                                                        Smart pricing

7. අධ්‍යාපනය (Education) 

           අධ්‍යාපනය සඳහා භාවිත කරන විවිධ අධ්‍යාපනික apps වර්ග, ඒවාට අදාල  platforms වලටත් AI ක්‍රියාත්මක වේ.

                                    උදාහරණ:- Khan Academy – Personalized learning path


 8. සෞඛ්‍යය (Healthcare) 

            AI විශාල වශයෙන් භාවිතා වන්නේ රෝග විනිශ්චය, වෛද්‍ය පරීක්ෂණ ආදිය සඳහාය.

                                    උදාහරණ:- X-ray / MRI analysis 
                                                      AI diagnosis systems

 ඒ අනුව ඔබට පැහැදිලි ඇති වර්තමානයට AI තාක්ෂණය ඔබේ දිනපතා ජීවිතය සමඟ බැඳී ඇති බව.එය ඔබේ  දුරකථනයේ Facebook හි බැංකුවේ රෝහල තුල ආදි වශයෙන් AI තාක්ෂණය නිතරම බැඳී පවතී.

AI නැවත නැවත හමුවන මෙම ක්ෂේත්‍ර පිළිබඳව කෙසේද AI බැඳී පවතින්නේ යන්න ඉදිරියට පැමිණෙන ලිපි මගින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

Saturday, 19 April 2025

කෘතිම බුද්ධිය ක්‍රියා කරන්නේ කෙසේද?


How does Artificial Intelligence work 

 

Algorithm  සහ Machine 

                                    Algorithm යනු කුමක්ද?

Algorithm  යනු, පරිගණකයට යම් කාර්යයක් හෝ ගැටලුවක් විසඳා ගැනීම සඳහා පිළිපදින්නා වූ පියවරෙන් පියවර උපදෙස් පෙළක් ලෙස හැඳින්විය හැකිය.AI තුළ Algorithm එකක් යෙදෙන්නේ යන්ත්‍රය තුළ "ඉගෙනීම" සහ "තීරණ ගැනීම" සිදුකිරීමට උපකාරයක් වශයෙනි. 

නිදසුනක් ලෙස ගතහොත් "කකුල් හතරක් ඇති සතුන්, රෝම ඇති සතුන් බළලූන් විය හැකිය.පියාසර කරන සතුන්" යන්න යන්ත්‍රයට කියා දීමයි.එවිට විවිධ රූපවලින් ඉගෙනීම ලබාගෙන තමාටම හඳුනා ගැනීමට හැකියාවක් ලැබේ.

                                Mashine එකක භූමිකාව කෙසේද

AI තුළ Mashine යන වචනයෙන් අදහස් කෙරෙන්නේ පරිගණකයක පද්ධතියක් හෝ වැඩසටහනක් වන අතර ඒවාට විවිධ හැකියාවන් ඇත. එනම්

                    01.දත්ත කියවීම 

                    02.Algorithm එක අනුගමනය කිරීම

                    03.පලපුරුද්දෙන් ඉගෙන ගැනීම

                    04.නැවත නැවත උත්සාහ කිරීමෙන් හැකියාව වැඩිකර ගැනීම .







 




කේ.ජී.පී.උමයංගනා ප්‍රේමරත්න

ජන සන්නිවේදන අධ්‍යන අංශය

කැලණිය විශ්ව විද්‍යාලය


කෘතීම බුද්ධිය සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා ඇති ප්‍රධාන අංග


Artifical Intelligence

මිනිස් බුද්ධියෙන් සිදු කරන කාර්යයන් එනම්, සිතීම,ඉගෙනීම,තීරණ ගැනීම,භාෂා අවබෝධය සහ ගැටළු විසඳීම යන්ත්‍රයකට හෝ පරිගණකයට සිදු කළ හැකි ආකාරයට නිර්මාණය කිරීම කෘතීම බුද්ධිය ලෙස අපට අර්ථ දැක්විය හැකිය.


ඒ අනුව කෘතීම බුද්ධිය සාර්ථකව ක්‍රියාත්මත කිරීම සඳහා ප්‍රධාන අංග පවතී.එනම්,




01.Machine learning(මැෂින් ඉගෙනීම)

      02.Cmoputer vision (රූප හඳුනා ගැනීම)

      03.Robotics (ස්වයංක්‍රීය රෝබෝ නිර්මාණය)

      04.Expert system (විශේෂඥ පද්ධති)

      05.Natural language processing(භාෂා සැලසුම)



01.Machine learning(මැෂින් ඉගෙනීම)

මෙය ඒ AI වල හදවත ලෙස සැලකේ.මෙහිදී මැෂින් එකක් තමන්ගේ පසුගිය පලපුරුද්ද මත පදනම් වී එයින් ඉගෙනීම ලබාගෙන ඉදිරියට පැමිණෙන තීරණ ගැනීමේ හැකියාව ලබාගන්නා ක්‍රමයයි.නිදසුනක් විදියට ගතහොත් Netflix ඇප් එක මගින් තමන්ට කැමති ලෙස සිනමා නැරඹිය හැකිය.තවත් නිදසුනක් ලෙස you tube එක මඟින් නරඹන වීඩියෝ වලට අදාළව නිර්දේශ වීම දැකගත හැකිය.

02.Cmoputer vision (රූප හඳුනා ගැනීම)

 පරිගණකයකට රූප, වීඩියෝ සහ එහි ඇති විවිධ වස්තු බලා ඒවා වටහා ගැනීමේ ඇති හැකියාවයි.
උදා :- face recognation (මුහුණ හඳුනා ගැනීම) 
          self - driving cars වල ගමන් මාර්ගය හඳුනා ගැනීම.

03.Robotics (ස්වයංක්‍රීය රොබෝ නිර්මාණය)

වර්තමානයේ මෙය ඉතාමත් සීඝ්‍ර ලෙස ලෝකයේ බොහෝ රටවල දැක ගත හැකිය. කුමක්ද කිවුවහොත් රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමයි. මේවාට වටපිටාව දැන ගැනීම, ක්‍රියා කිරීම, තීරණ ගැනීම, ඇතැම් විට හැඟීම් දැනෙන ආකාරයට ද නිර්මාණය කිරීම වර්තමානයේදී දැන ගැනීමට හැකිවන කරුණකි. 

උදා :-ජපානය වැනි දියුණු රටවල භාවිත වන AI ආධාරක රොබෝ වාණිජ නිෂ්පාදන කර්මාන්තවල රොබෝ  යන්ත්‍ර

 04.Expert system (විශේෂඥ පද්ධති)

AI භාවිතයෙන් කෙනෙකුගේ අත්දැකීම් වලට සමාන තීරණ ගැනීමට පුළුවන් පද්ධතියක් ලෙස සැකසී ඇත.එනම් පද්ධති විශේෂඥයෙකු ලෙස වැඩ කරනු ලබයි.උදාහරණ, වෛද්‍ය තීරණ ගන්නා AI සක්‍රීය පද්ධති.

 05.Natural language processing(භාෂා සැලසුම)

මිනිස් භාෂාව එනම් සිංහල ඉංග්‍රීසි ආදී ඕනෑම භාෂාවක් පරිගණකයට තේරුම් ගැනීමට හැකියාව ඇත මිනිසුන්ගේ කතාබහ වැනි ඕනෑම දෙයක් තේරුම් ගැනීමේ ක්‍රමවේදයක් කෘතිම බුද්ධියට ඇත. Google Assistant,Chatgpt,pi.AI

ඔන්න ළමයි මුලින්ම මම ගෙනාපු ලිපියෙන් මං විස්තර කරේ කෘතිම  බුද්ධියේ ඉතිහාසය,කෘත්‍රිම බුද්ධිය වර්ගීකරණය යනාදියයි. මං අද ලිපියෙන් එහි පවතින ප්‍රධාන අංග මොනවද යන්න විස්තර කර ඇත. කෘතිම බුද්ධිය පිළිබඳ තවත් වැදගත් ලිපියක් රැගෙන නැවත හමුවනතුරු ඔබට සුභ දවසක්.


කේ.ජී.පී.උමයංගනා ප්‍රේමරත්න

ජන සන්නිවේදන අධ්‍යන අංශය

කැලණිය විශ්ව විද්‍යාලය


කෘතීම බුද්ධිය පිළිබද නෛතික හා සමාජීය පැතිකඩ(Ethical and social aspects)

  කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නෛතික හා සමාජීය පැතිකඩ අදායම් (Pros)  කාර්යක්ෂමතාවය - වැඩ automate කිරීමෙන් වේලාව සහ අඩු වේ.   නවෝත්පාදනය - සෞඛ්‍ය...